රනිල්-මෛත්‍රී-මහින්ද වරප්‍රසාද රැක ගැනීමට කදවුරු බදිති. චන්ද්‍රිකා ඒ හවුලෙන් ඉවත් වෙයි. ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට, හිටපු ජනාධිපතිවරු තීරණය කර තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්, රේණුක පෙරේරා, ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ ය. ඊට අමතරව, ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව ගතහැකි නීතිමය පියවර පිළිබදව සාකච්ඡා කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ නීතීඥයන්ද සමඟ පසුගිය සති අන්තයේ දී හමු වී ඇති බවද මාධ්‍ය වාර්තා කළේ ය. හිටපු ජනාධිපතිවරු, ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටිය ද, තමන් එවැන්නකට සම්බන්ධ වී නැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ මේ පිළිබදව ඈ තබා ඇති සටහන පහත උපුටා දක්වමු. "හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අනෙක් හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සමග එක්ව ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ. එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය වන අතර එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට එතුමිය සම්බන්ධ වී නොමැත."
Heading | Heading |
---|
Heading |
---|
2025-08-12 3:34 am
|
Heading |
---|
2025-08-12 1:35 am
|
Heading |
---|
2025-08-12 8:08 am
|
Heading |
---|
2025-08-11 3:26 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|