Heading
දේශීය
2025-08-13 3:48 am • Views: 1972

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ලොක්කා අල්ලස් කොමිසමෙන් ඇවිත් කුදලාගෙන යයි.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ලොක්කා අල්ලස් කොමිසමෙන් ඇවිත් කුදලාගෙන යයි.  

බන්ධනාගාර රැදවියෙකු සාමාන්‍ය සිරමැදිරියෙන් මුදාගෙන බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තබා ගැනීම සදහා එම රැදවියාගෙන් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් ඉල්ලා, ඉන් ලක්ෂ තුනක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ හිටපු ලොක්කෙකු වන වෛද්‍ය රණසිංහ ආරච්චිගේ නයනජිත් හේමන්ත රණසිංහ යන අය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකාර වෛද්‍යවරයා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ 2024 වසරේ දී ය. 

එවකට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රධානියා ලෙස රාජකාරී කලද, අත් අඩංගුවට ගැනීම සිද්ධ වන අවස්ථාව වන විට ඔහු අංගොඩ මානසික විද්‍යා ආයතනයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිට ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම අද පෙරවරු 7.45 ට පමණ පිටකෝට්ටේ පිහිටි සැකකරුගේ නිවසේ දී සිදුව තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න