Heading
දේශීය
2025-08-14 3:47 am • Views: 795

“ආර්ථිකය ප්‍රකෘතිමත් වීම හිතුවාට වඩා වේගවත්..!” මහබැංකු අධිපති කියයි.

“ආර්ථිකය ප්‍රකෘතිමත් වීම හිතුවාට වඩා වේගවත්..!” මහබැංකු අධිපති කියයි. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුරෝකථනය කළ වේගයට වඩා වැඩි වේගයකින් ප්‍රකෘතිමත් වෙමින් පවතින බව, මහබැංකු අධිපති එස්.නන්දලාල් මහතා පවසයි.

ඒ අනුව, ඉදිරි වසරේදී, අර්බුදයට පෙර පැවති තත්ත්වය රට යළි පැමිණෙනු ඇතැයි ඔහු පවසයි. 

රටක් ආර්ථික අර්බුදයකට ඇද වැටුණු විට, එම රට නැවත ප්‍රකෘතිමත් වීමට වසර පහක කාලයක්වත් ගතවන බව පවසන මහබැංකු අධිපතිවරයා, ලංකාව සම්බන්ධයෙන් ගත් විට, වසර තුනක් වැනි කෙටි කාලයකින් ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීමට හැකිව ඇති බව අවධාරණය කරයි. 

ඒ අනුව, ඉදිරි වසර තුළ දී, ජීවන වියදම, රැකියා නියුක්තිය, ආදායම සහ දරිද්‍රතාවය වැනි සියළු තීරණාත්මක දර්ශක, රට අර්බුදයට යාමට පෙර පැවති තත්ත්වයට ළගා වනු ඇති බව මහබැංකු අධිපතිවරයා පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න