Heading
දේශීය
2025-08-26 8:49 am • Views: 319

අපනයන ආදායම; මාස 7 ට ඩොලර් බිලියන 10 ක්.

අපනයන ආදායම; මාස 7 ට ඩොලර් බිලියන 10 ක්. 

මේ වසරේ මුල් මාස හත තුළ, ශ්‍රී ලංකාව, භාණ්ඩ හා සේවා අපනයනයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 10 කට ආසන්න ආදායමක් උපයා ඇති බව වාර්තා වේ. 

මෙය පසුගිය වසරේ අදාල කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ අපනයන ආදායම හා සසදා බැලීමේ දී 7.79% ක වර්ධනයකි. 

ජනවාරි සිට ජූලි දක්වා වූ කාලය තුළ ඇගළුම් හා රෙදි පිළි අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් බිලියන 3.08 ඉක්මවා ගොස් තිබේ. එය පසුගිය වසර හා සැසදීමේ දී 8.18% ක වර්ධනයකි. 

මේ වසර අවසන් වන විට භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 19ක ආදායමක් උපයා ගැනීම රජයේ අපේක්ෂාවයි. 

2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නංවා ගත යුතුව ඇති බව රජය මීට පෙර නිවේදනය කර තිබුණි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න