Heading
දේශීය
2025-08-27 8:16 am • Views: 330

ඇඟළුම් අපනයනය; ජූලි ආදායම ඩො.මි. 455.16 යි. පසුගිය ජූලි හා සැසදීමේ දී 9.84% ක වර්ධනයක්.

ඇඟළුම් අපනයනය; ජූලි ආදායම ඩො.මි. 455.16 යි. පසුගිය ජූලි හා සැසදීමේ දී 9.84% ක වර්ධනයක්. 

ඇගළුම් අපනයනයෙන් පසුගිය ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 455.16 ක ආදායමක් උපයා ඇති බව ඒකාබද්ධ ඇගළුම් අපනයනකරුවන්ගේ සංගමය පවසයි. 

එය, පසුගිය වසරේ ජූලි මාසයේ උපයා තිබුණු ඩොලර් මිලියන 414.38 ක ආදායම සමඟ සසදා බැලීමේ දී 9.84% ක වර්ධනයකි. 

යුරෝපා සංගමයට සිදුකළ ඇගළුම් අපනයනයෙන් උපයා තිබෙන ආදායම, පසුගිය වසරේ ජූලි හා සැසදීමේ දී 26.69% කින් ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපදයට සිදු කරන ලද ඇගළුම් අපනයන හරහා උපයා ඇති ආදායම පසුගිය ජූලි හා සැසදීමේ දී 2.7% කින් පහත වැටී තිබේ. 

2025 වසරේ මුල් මාස හත තුළ ඇගළුම් අපනයනයෙන් උපයා ඇති සමස්ත ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,916.10 කි. 2024 වසරේ අදාල කාල සීමාව සලකා බැලීමේ දී එම කාලය තුළ උපයා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,673.19 කි. 

ඒ අනුව, 2024 වසරේ මුල් මාස හත හා සසදා බැලීමේ දී 2025 වසරේ මුල් මාස හත තුළ ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ඩොලර් ආදායම  9.09%ක යෑමකි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න