Heading
දේශීය
2025-08-28 2:07 am • Views: 1342

“දැන් ගෙදර යන්න පුලුවන්. ජාතික රෝහලෙන් සැත්කම කරනවා නම්, අවුරුදු තුනක් පෝලිමේ සිටිය යුතුයි..!” වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියයි.

“දැන් ගෙදර යන්න පුලුවන්.  ජාතික රෝහලෙන් සැත්කම කරනවා නම්, අවුරුදු තුනක් පෝලිමේ සිටිය යුතුයි..!” වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියයි.  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෘද සැත්කමක් සිදු කළ යුතුව ඇති බව පවසන කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. 

මෙම සැත්කම, දැනට ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලෙන් සිදු කර ගන්නවා නම්, ඒ සදහා අවුරුදු තුනක කාලයක් ඔහු පොරොත්තු ලේඛනයේ රැදී සිටිය යුතු බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසයි. 

කෙසේ වෙතත් මේ වන විට හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව පවසන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, ඔහු රෝහලෙන් පිටව යනවාද නැද්ද යන්න දැන් තීරණය කළ යුත්තේ ඔහු විසින්ම බවද පවසයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න