අද අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිත කියයි. කිරින්ද ධීවර වරායේ වැලි කැනීමේ කොන්තරාත්තුවක් කොරියානු සමාගමකට පවරා දීමෙන් රජයට රුපියල් කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක අලාභයක් සිදුකර තිබෙන බවට චෝදනා ලැබ සිටින, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතීඥයන්, කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ. රාජිත සේනාරත්න වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන අතර, ඔහු මාස තුනකට ආසන්න කාලයක් අධිකරණය මඟ හරිමින් සැගවී සිටියි. මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, රාජිත සේනාරත්නට අයත් දේපළ රාජසන්තක කිරීමට අදාල අධිකරණ නියෝගයක් අද දිනයේ දී ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වූ අතර, සැගවී සිටින හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටීමට තීරණය කර ඇත්තේ ඉන් පසුවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-09-01 8:54 am
|
Heading |
---|
2025-09-01 7:40 am
|
Heading |
---|
2025-08-31 7:40 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|