Heading
දේශීය
2025-08-31 7:40 am • Views: 2368

අත්අඩංගුවට පත්වෙතැයි බියෙන් ගම්මන්පිල රට පනියි..!

අත්අඩංගුවට පත්වෙතැයි බියෙන් ගම්මන්පිල රට පනියි..!

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල හදිසියේ ම විදෙස්ගතවී ඇති බව වාර්තා වේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින තත්ත්වයක් හමුවේ ය. 

පුද්ගලයෙකු අත-ුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීමෙන් පසුව පවත්වන ලද මාධ්‍ය හමුවක දී ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බව, ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි. 

ඒ අනුව, අයි.සී.සී.පී.ආර් පනත යටතේ උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටි අතර, මේ වන විට ඔහු විදෙස්ගතව ඇති බව පැවසේ. 

මේ බව වාර්තා කර තිබෙන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න