Heading
දේශපාලන
2024-10-04 6:01 am

ජනපති අනුරට එරික් සොල්හයිම්ගෙන් ඉහළ රෙකමදාරුවක්..! "රාජ්‍ය තාන්ත්‍රිකභාවය විශිෂ්ඨයි. ජනතාවට ඉතා සමීපයි..!"

ජනපති අනුරට එරික් සොල්හයිම්ගෙන් ඉහළ රෙකමදාරුවක්..!  "රාජ්‍ය තාන්ත්‍රිකභාවය විශිෂ්ඨයි. ජනතාවට ඉතා සමීපයි..!"

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව එරික් සොල්හයිම් දැඩි අගය කිරීමක් සිදු කර තිබේ. 

ඒ, විශේෂ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමිනි. 

ජනාධිපති ධූරයට පත් වූ පසුව අනුර කුමාර දිසානායක මහතා පළමුව සිදු කළේ මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා හමු වී මයි. 

ඉන්පසුවයි ඔහු චීන තානාපතිවරයා හමුවූවේ. ඔවුන් දෙදෙනා හමුවීමෙන් පසුවයි, අනෙකුත් බටහිර සහ යුරෝපීය තානාපතිවරු මුණ ගැසීම සදහා ඔහු කාලය වෙන් කලේ. 

මෙය අනුර දිසානායක මහතාගේ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික භාවය පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස එරික් සොල්හයිම් පවසයි. 

ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ආශිර්වාද ලබා ගැනීම සදහා මහනුවර දළදා මාළිගාවට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් පසුව හිංදු සහ මුස්ලිම් ආගමික සිද්ධස්ථාන වෙත ගොස් ඔවුන්ගෙන් ද ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කලේ ය. එමගින් ඔහු ලබා දුන් සංඥාව ඉතා වැදගත් බව සොල්හයිම් පවසයි. 

ඉන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙරට ව්‍යාපාරික ප්‍රජාව තමන් වෙත සමීප කර ගැනීමට කටයුතු කළේ ය.  සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට හැකි වන්නේ ව්‍යාපාර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් පමණක් බව පවසන සොල්හයිම් ජනාධීපතිවරයා ඒ බව වටහාගෙන තිබීම අගය කරයි. 

ඉන් පසුව, මැති ඇමතිවරු සදහා සුඛෝපභෝගී වාහන බලපත්‍ර ලබා දීම අත්හිටුවීම ඇතුළුව එබදු වරප්‍රසාද කප්පාදු කිරීමේ පියවර ගන්නා බව නිවේදනය කිරීම ද ජනාධිපතිවරයා කළ අගය කළ යුතු දෙයක් බව සොල්හයිම් පවසයි. 

එකී කරුණුවලට අමතරව, ජනාධිපතිවරයා සරළ කමිසයකින් සැරසී ජනතාව ඉදිරියට පැමිණීම ද අගය කර තිබෙන සොල්හයිම්, එමගින්, ඔහු ජනතාවට ඉතා සමීප නායකයෙකු බව පෙනී යන බවද පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න