Heading
දේශීය
2024-10-23 9:28 am • Views: 95

"ලංකාවට ආයෝජකයන් නොඑන්නේ දූෂණය නිසයි..!" ජපාන තානාපති කියයි.

"ලංකාවට ආයෝජකයන් නොඑන්නේ දූෂණය නිසයි..!" ජපාන තානාපති කියයි. 

ලංකාවට ආයෝජකයක් නොඒමට ප්‍රධාන හේතුව රට තුළ පවතින දූෂණය බව මෙරට ජපාන තානාපතිවරයා පවසයි. 

ඩේලි මිරර් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පවසා තිබේ. 

භූගෝලීය පිහිටීම අතින් ලංකාව තිබෙන්නේ ආර්ථික අතින් දියුණුව කරා පහසුවෙන්ම යා හැකි තැනක බව පවසන ජපාන තානාපතිවරයා, එසේ තිබියදීත් විදේශීය ආයෝජකයන් ලංකාවට ඒමට පසුබට වන්නේ විනිවිද භාවයක් නැති භාවිතාව නිසා යැයි චෝදනා කරයි. 

විශේෂයෙන්ම ජපාන ආයෝජකයන් ඉහළ විනිවිද භාවයක් සහ සැමට සාධාරණ අවස්ථාවන් ලබා දීම සම්බන්ධයෙන් උන්නදු බව ද ජපාන තානාපතිවරයා පවසයි. 

මෙහිදී පාලනාධිකාරයේ දූෂණ පිළිබදව පමණක් නොව, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය පිළිබදවද ජපාන තානාපතිවරයා සිය අවධානය යොමු කර තිබේ. 

විශේෂයෙන්ම, නියමිත වේලාවට රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමට කිසි විටෙකත් අවස්ථාව නොලැබෙන බව ඔහු පවසයි. 

කෙසේ වෙතත්, දූෂණ විරෝධය ප්‍රධාන සටන් පාඨය කර ගත් ජනාධිපතිවරයෙකු ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්ව සිටීම මේ තත්ත්වය වෙනස් කිරීමට හේතුවනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවද ජපාන තානාපතිවරයා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න