Heading
දේශීය
2024-10-24 9:36 am • Views: 197

ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයකට සැරසුණු සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට..!

ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයකට සැරසුණු සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට..!

ආරුගම්බේ ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනෙක්, ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ආරුගම්බේ ප්‍රදේශයේ දී ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණු පැවසේ.

ප්‍රහාරය සැලසුම් කිරීමට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සම්බන්ධ බවත්, සැලසුම් කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවත් වන්නේ ඉරාකයේ බවත් වාර්තා විය. 

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස, ඊයේ දිනයේ දී මෙරට එක්සත් ජනපද තානාපතිකාර්යාලය, සිය පුරවැසියන්ට දැනුම් දී තිබුණි. 

ඉන් පසුව, ප්‍රහාරය පිළිබද මෙම අනත-ුරු හැගවීම සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කලද, මේ පිළිබදව කල් තියා බුද්ධි අංශ මගින් දැන ගන්නට ලැබුණු බව වැඩබලන පොලිස්පතිවරයා පැවසී ය. 

ඒ අනුව, එවැනි ප්‍රහාරයක් සිද්ධ වීම වළක්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගත් බවද වැඩ බලන පොලිස්පතිවරයා පැවසී ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න