Heading
දේශීය
2024-10-24 10:30 am • Views: 182

"ආරුගම්බේ ප්‍රහාර සැලසුම ඔක්තෝබර් 7 අනාවරණය වූවා නම්, සංචාරක කලාපයේ ආරක්ෂාව තර නොකලේ ඇයි..?" කාන්චන අසයි.

"ආරුගම්බේ ප්‍රහාර සැලසුම ඔක්තෝබර් 7 අනාවරණය වූවා නම්, සංචාරක කලාපයේ ආරක්ෂාව තර නොකලේ ඇයි..?"  කාන්චන අසයි. 

වැඩබලන පොලිස්පතිවරයා ඊයේ දිනයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ පරිදි, ආරුගම්බේ සංචාරක කලාපය තුල කිසියම් ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වීමේ අනතුරක් ඇති බවට, ඔක්තෝබර් හත් වන දා ආරක්ෂක අංශවලට වාර්තා වී තිබුනා නම්, සංචාරක කලාප තුළ ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු නොකලේ මන්දැයි, හිටපු අමාත්‍ය කාන්චන විජේසේකර ප්‍රශ්න කරයි. 

කාන්චන විජේසේකර මහතා පවසන ආකාරයට, රජය සංචාරක කලාපය තුළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත්තේ, ඊයේ දිනයේ දී ඇමරිකානු තානාපති කාර්යාලය විසින් එවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අනතුරක් පවතින බවට සිය පුරවැසියන් වෙනුවෙන් නිකුත් කර තිබුණු නිවේදනයට පසුව යි. 

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට තොරතුරක් කල්තියා ලැබුනේ නම්, රජය කළ යුතුව තිබුණේ, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් කැදවා, එවැනි ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම ත-ුරන් කිරීම සදහා රජය ගෙන ඇති පියවර පිළිබදව ඔවුන් දැනුවත් කිරීම බවද කාන්චන විජේසේකර හිටපු අමාත්‍යවරයා පවසයි. 

කෙසේ හෝ දැන්වත්, රජය, විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් කැදවා, අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන ඇති බව පවසා සංචාරක මාරගෝපදේශ ඉවත් කර ගැනීමට කටයුත-ු කළ යුතුව ඇති බවද ඔහු පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න