Heading
දේශීය
2024-10-25 8:51 am • Views: 152

"ලක්ෂ 210 ක වංචාවක්...!" ගම්මන්පිල අධිකරණයට කැදවයි..!

"ලක්ෂ 210 ක වංචාවක්...!" ගම්මන්පිල අධිකරණයට කැදවයි..!

ඕස්ට්රේලියානු ජාතික සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ අත්සන් “හොරට ගසා” සකස් කළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් මගින් එම සමාගමට අයත් රුපියල් මිලියන 21 ක වටිනාකමකින් යුතු කොටස් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා එළැඹෙන නොවැම්බර් 25 වන දා ගොනු කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කළේ ය. 

මෙම නඩුවේ එක් ප්‍රධාන සැකකරුවෙකු වන සිඩ්නි ජයසිංහ, හදිසියේ රෝගාත-ුරව රෝහල්ගත කර ඇති බැවින්, ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව, මෙම නඩුව ඊයේ කැදවූ අවස්ථාවේ දී විත්තියේ නීතීඥයන්  අධිකරණයට දැනුම් දුන්නේ ය. 

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව වාර්තාවක් ඊළග නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න