Heading
දේශීය
2024-10-25 3:12 am • Views: 136

“සමාජ ආරක්ෂණය නව රජයේ ප්‍රමුඛතාවයක්. ඒ ප්‍රමුඛතාවයට කන් දෙන්න අපි ලෑස්තියි..!” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

“සමාජ ආරක්ෂණය නව රජයේ ප්‍රමුඛතාවයක්. ඒ ප්‍රමුඛතාවයට කන් දෙන්න අපි ලෑස්තියි..!” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. 

නව රජය, සමාජ ආරක්ෂණයට ප්‍රමුඛතාවය ලබා දීම පිළිබදව අවධායන යොමු කර තිබෙන බවත්, එකී ප්‍රමුඛතාවයන් ආමන්ත්‍රණය කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිපික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ ප්‍රමුඛතා සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමඟ මේ වන වොෂින්ටනයේ සාකච්ඡා කරමින් සිටියි. 

මෙම සාකච්ඡා සදහා ශ්‍රී ලංකාව පාර්ශවෙයන් මහබැංකු අධිපති, මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහභාගී වී සිටිති. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් විස්තීර්ණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය සදහා ශ්‍රී ලංකාවට කඩිනමින් ළගා වීමට හැකිවනු ඇතැයි ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි. 

තුන්වන සමාලෝචනය ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරණය හේතුවෙන් එය කල් ගියේ ය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ශ්‍රී ලංකාව, ද්වීපාර්ශ්වික ණය හිමියන් සමග ගිවිසුමකට එළැඹී ඇති අතර,  පුද්ගලික ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළැඹ සිටියි. 

සියළුම ණය හිමියන් සමග විධිමත් එකඟතාවයක් පැමිණීම මීළඟ පියවර වන අතර, එය විශාල ඉදිරි පියවරක් වනු ඇතැයි ශ්‍රීනිවාසන් පවසයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න