“බාල්දි පෙරළන්ඩ එන්න එපා. පැරදුනානං ගෙදර ඉන්න..!" අනුර රනිල්ට කියයි. පරාජිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව රජය කෙනිත්තීමට උත්සාහ දරමින් සිටින බවට ජනපති අනුර ක-ුමාර දිසානායක මහතා පවසයි. ඊයේ පුත්තලමේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම චෝදනාව එල්ල කළේ ය. ධූරයෙන් නික්ම යාමට පෙර රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සදහා අවශ්‍ය මුදල් තමන් වෙන් කළ බව හිටපු ජනාධිපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් හමු වී පසුගිය ද ප්‍රකාශ කර තිබුණි. නමුත්, එවැනි මුදල් වෙන් කිරීමක් හිටපු ජනාධිපතිවරයා සිද්ධ කර නැති බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට දින තුනක් තිබියදී වැටුප් වැඩි කිරීමක් ගැන පොරොන්දුවක් හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ට ලබා දුන්නේ ය. නමුත් ඒ සදහා ඉදිරිපත්කළ කැබිනට් පත්‍රිකාවක් නැති බව පසුව අනාවරණය විය. කෙසේ වෙතත්, තමන් මුදල් වෙන් කළ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, රජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සදහා වෙන් කළ මුදල්වලට මොකද උනේ කියා රජයෙන් අසන ලෙස ඔහු හමුවීමට පැමිණ සිටි වෘත්තීය සමිති නියෝජිතයන්ට උපදෙස් දුන්නේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|