"මෝල් හිමියෝ ළඟ කොපමණ සහල් තොඟයක් තිබේද.? ඔවුන් කොපමණක් ණයද..?" තොරතුරු හොයන ලෙස ජනපති නියෝග කරයි. සහල් මාෆියාවට මුහුණ දීමට රජය තීරණය කර තිබෙන බව සති අන්ත මව්බිම වාර්තා කරයි. එහි පළමු පියවර ලෙස, මහාපරිමාණ සහල් මෝල් හිමියන් සහ තොග රැස්කරන්නන් ළඟ කොපමණ සහල් තොඟ පවතීදැයි සොයා බලා දත්ත පද්ධතියක් සකසන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා අදාල නිළධාරීන්ට උපදෙස් දී තිබේ. මේ අනුව මහාපරිමාණ වී මෝල් හිමියන් සහ තොග රැස්කරන්නන් ලියාපදිංචි කිරීමට රජය කටයුතු කරනු ඇත. වෙළද පොල තුළ සහල් හිගයක් පැවතිද රට තු-ළ සහල් හිගයක් නැති බව ජනාධිපතිවරයා පසුගිය දා මහාපරිමාණ සහල් මෝල් හිමියන් හමු වූ අවස්ථාවේ ඔවුන්ට පවසා තිබේ. ඒ අනුව, අවබෝධයෙන් කටයුත-ු කිරීම දෙපාර්ශ්වයේම වගකීම බව සහල් මෝල් හිමියන්ට දැනුම් දී ඇති ජනාධිපතිවරයා, එසේ නොවන්නේ නම් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවට අනතුරු හැගවීමක් ද සිදු කර තිබේ. ඊට අමතරව, මහාපරිමාණ සහල් මෝල් හිමියන් සහ තොග රැස් කරන්නන් රාජ්‍ය බැංකු පද්ධතියෙන් ලබාගෙන තිබෙන ණය පිළිබදව තොරතුරු රැස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|