Heading
දේශීය
2024-10-29 10:41 am • Views: 54

"ගම්මන්පිල එළියට දැමූ වාර්තාවෙන් සුරේශ් සලෙයි තව හිරවෙයි...?" මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අනාවරණය කරයි.

"ගම්මන්පිල එළියට දැමූ වාර්තාවෙන් සුරේශ් සලෙයි තව හිරවෙයි...?" මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අනාවරණය කරයි. 

පාස්කු ප්‍රහාරය පිළිබදව චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා වැඩ සටහනෙන් එල්ල කර තිබෙන චෝදනා විමර්ශණය සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබුණි. 

එම කමිටුව විසින් ඉදිරිපත් කර තිබුණු වාර්තාව, රහසිගත වාර්තාවක් සේ පැවති අතර, ඊයේ දිනයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එම වාර්තාව ජනගත කළේය. 

ගම්මන්පිල විසින් හෙළි කරන ලද වාර්තාවේ ඇත-ුළත් කරුණු හරහා මෙතෙක් සමාජය තුළ පැවති යම් යම් සැක සංකා යළිත් තහවුරු වීමක් සිද්ධ වන බව ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු වන තරිදු ජයවර්ධන මහතා පවසයි. 

චැනල් ෆෝ වාර්තාවේ ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කරන ප්‍රධාන චරිතය වන්නේ අසාද් මවුලානා ය. අසාද් මවුලානා, පිල්ලෙයාන්ගේ කණ්ඩායම සමග සමීපව කටයුතු- කළ අයෙකි. 

අසාදා මව්ලානාගේ ප්‍රධාන චෝදනා වන්නේ, සහරාන් කණ්ඩායම සහ සුරේශ් සලෙයි අතර සම්බන්ධයක් පැවති බවයි. එමෙන්ම, පාස්කු ප්‍රහාරය එම දෙපාර්ශ්වයේ සැලසුමකට අනුව සිද්ධ වූ බවයි. 

ඊට අමතරව, ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බකරුවන ජමීල් ව එතැනින් ගන්නා ලෙස සුරේශ් සලෙයිගෙන් තමන්ට උපදෙසක් ලැබුණු බවයි. 

ඉමාම් කමිටුව මේ කරුණු සත්‍යදැයි සොයා බැලීම සදහා පත් කරන ලද කමිටුවකි. 

කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙන පිල්ලෙයාන්, අසාද් මවුලානා සහ සහරාන් කණ්ඩායම අතර කිසිදු සම්බන්ධයක් නොතිබුණු බව කියයි. 

පිල්ලෙයාන් එසේ කීව ද කමිටුව විසින් වෙනත් තොරතුරක් අනාවරණය කරගෙන තිබේ. 

එම කරුණ පහත පරිදිය;

සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් බෝම්බ පිපිරීමක් අත්හදා බැලීමට යාමේ ද අත තු-වාල වී තිබේ. එහිදී රිල්වාන්ට ප්‍රතිකාර කර තිබෙන්නේ ෂෆ්රාස් නමැති වෛද්‍යවරයෙකි. 

මෙම වෛද්‍යවරයා පසු කාලයකදී රටින් පිටව ගොස් ඇති අතර, ඔහුට රටින් පිටවයෑමට උදව් කර තිබෙන්නේ  අසාද් මවුලානාය.  

අසාද් මවුලානා සහ එකී වෛද්‍යවරයා මරදමුනි ප්‍රදේශයේ පදිංචිකරුවන්ව සිට ඇත. පසුව, ඔවුන් දෙදෙනාම දෙහිවල ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති අතර, ඔවුන් දෙදෙනාම පදිංචි වී ඇත්තේ දෙහිවල එබනිසා පාරේ ය. 

ඒ අනුව, පිල්ලෙයාන් කුමක් කීවද, අසාද් මවුලානා සහ සහරාන් අතර සම්බන්ධයක් තිබුණා විය හැකි බව ඉමාම් කමිටුවේ අදහසයි. 

ඇතැම්විට, අසාද් මවුලානා රටින් පිටව ගියේ මේ සම්බන්ධය නිසාම විය හැකි බව ද කමිටුව අනුමාන කරයි. 

නමුත් මෙම කමිටුව අවධානය යොමු නොකළ ඉතාම වැදගත් තොරතුරක් පිළිබදව මාධ්‍යවේදී තරිදු ජයවර්ධන සිය අවධානය යොමු කරයි. 

චැනල් ෆෝ නාලිකාවේ පෙනීසිටිමින් අසාද් මවුලාන ඉතාම බරපතල කරුණක් අනාවරණය කරයි.

එනම්, ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බකරුවන ජමීල්ව එම ස්ථානයෙන් අර ගන්නා ලෙස සුරේශ් සලෙයි ඔහුට දුරකථන ඇමතුමක් දී පැවසූ බවයි. 

ජමීල් ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරවා ගැනීමට උත්සාහ දරන බවත්, නමුත් එය අසාර්ථක වන බවත්, ඒ අතර කිසිවෙක-ුගෙන් ඔහුගේ දුරකථනයට ඇමතු-මක් එන බවත්, ඔහු ඊට පිළිත-ුරු දෙන බවත් සීසීටීවී දර්ශනවල ඇත-ුළත් ය. 

බෝම්බය පුපුරවා ගැනීමට නොහැකි වීමෙන් පසුව ජමීල් දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයට පැමිණෙයි. පසුව බෝම්බය එහි තබා ඔහු දෙහිවල එබනිසා පාරේ පිහිටි මුස්ලිම් දේවස්ථානයට පැමිණෙයි. 

ට්‍රොපිකල් ඉන් සිට දෙහිවල එබනිසා පාරේ මුස්ලිම් දේවස්ථානය දක්වා වූ සීමාවේ තවත් මුස්ලිම් පල්ලි තිබෙන බවද තරිදු ජයවර්ධන අවධාරණය කරයි.

එමෙන්ම, ජමීල් එබනිසා දේවස්ථානය තුළ අසාමාන්‍ය කාල වේලාවක් රැදී සිටින බවද ඔහු පවසයි. 

ඒ අනුව මතුවන ප්‍රධාන සැකය වන්නේ, ජමීල්ට එන දුරකථන ඇමතුමෙන්, එබනිසා දේවස්ථානයට යන ලෙස ඔහුට උපදෙසක් ලැබුනේ ද යන්නයි.  

ටාජ් සමූද්‍රා හෝටලයෙන් ජමීල්ව ගන්නා ලෙස ඉල්ලමින් සුරේශ් සලෙයි ගෙන් තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බව අසාද් මවුලානා පවසයි.  

විමර්ශකයන් මේ පිළිබදව සොයා බැලිය යුතු බව තරිදු ජයවර්ධන යෝජනා කරයි. 

තරිඳු ජයවර්ධන මේ කරුණු අනාවරණය  කරන වීඩියෝවේ ලින්ක් එක පහතින්. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න