Heading
දේශීය
2024-10-30 8:40 am • Views: 76

සුඛෙෘ්පභෝගී මෝටර් රථයක් හොර පාරෙන් ලියාපදිංචි කිරීම; වගකිව යුතු රේගු නිළධාරියා සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිළධාරියා අත්අඩංගුවට ගැනීමට නියෝග කරයි.

සුඛෙෘ්පභෝගී මෝටර් රථයක් හොර පාරෙන් ලියාපදිංචි කිරීම; වගකිව යුතු රේගු නිළධාරියා සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිළධාරියා අත්අඩංගුවට ගැනීමට නියෝග කරයි.  

රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථයක් හොරපාරෙන් රේගුවෙන් මුදා හැරීමට සහ එම මෝටර් රථය හොරට ලියාපදිංචි කිරීමට සම්බන්ධ වූ රේගු නිළධාරියා සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු-වට සම්බන්ධ නිළධාරියා වහා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබේ. 

ඔහු මෙම නියෝගය ලබා දී ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහස්‍ය හා බුද්ධි විමර්ශන ඒකකයටයි. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහස්‍ය හා බුද්ධි විමර්ශන ඒකකය, නිසි විමර්ශන සිදු කොට, අදාල සැකකටයුතු මෝටර් රථය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 

මෙම මෝටර් රථය නිසි ක්‍රමවේදයකට අනුව ලියාපදිංචි නොකිරීම නිසා රජයට රුපියල් ලක්ෂ පනහක පමණ බදු ආදායමක් අහිමි වී ඇති බව වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න