Heading
දේශපාලන
2024-10-31 10:26 am • Views: 2

“මාව කෙදිරි ගස්සන්න අමාරුයි..!” ලොහාන් රත්වත්තේ බලන්න ආ නාමල් කියයි.

“මාව කෙදිරි ගස්සන්න අමාරුයි..!” ලොහාන් රත්වත්තේ බලන්න ආ නාමල් කියයි. 

ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ,  අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලදී. 

අධිකරණය, නොවැම්බර් හත්වන දා දක්වා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී. 

අධිකරණයට රැගෙන ආ ලොහාන් රත්වත්තේ බැලීමට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂද පැමිණ සිටියේ ය. 

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට, නාමල් රාජපක්ෂ පවසා සිටියේ, නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් නැති බවයි. කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් තෝරාගත් පුද්ගලයන්ගෙන් පළිගැනීමක් සිද්ධ වනවා නම් එය වැරදි බවද නාමල් පැවසී ය. 

කෙසේ වෙතත්, මේ වන විට ලොහාන් රත්වත්තේට අදාල ප්‍රශ්නය අධිකරණය දක්වා ගොස් ඇති බැවින්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද පැවසූ ආකාරයට කෙදිරි නොගා නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතු බව නාමල් රාජපක්ෂ පැවසී ය. 

“ඔබ තුමා කෙදිරි ගාන්නේ නැද්ද” යැයි මාධ්‍යවේදියෙකු විමසූ විට නාමල් රාජපක්ෂ සිනාමුසුව කවදාවත් තමන් කෙදිරි නොගාන බව පැවසී ය.

ඉන් නොනැවතී, තමන්ව කෙදිරි ගස්සන්න අමාරු යැයි ද ඔහු ඔහු පැවසී ය. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න