Heading
දේශීය
2024-11-01 8:49 am • Views: 100

මහින්දගේ ආරක්ෂක බල ඇණිය 175 සිට 60 ට බස්සයි..!

මහින්දගේ ආරක්ෂක බල ඇණිය 175 සිට 60 ට බස්සයි..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි භට පිරිස 60 දක්වා අඩු කර තිබෙන බව වාර්තා වේ. 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මීට පෙර 175 ක පමණ ආරක්ෂක බල ඇණියක් යොදවා සිටි බව පැවසේ. 

ඊට අමතරව, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දෙන වාහන සංඛ්‍යාවද කප්පාදු කර තිබෙන අතර,  මෙතැන් සිට ඔහුට හිමිවන්නේ ජීප් රථ දෙකක්, යතුරු පැදි දෙකක් සහ එක් ත්‍රීරෝද රථයකි. 

ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර සිටි හැට දෙනා හැර අනෙකුත් සියළු නිළධාරීන් නොවැම්බර් මස තුන්වනදාට පෙර විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යළි වාර්තා කළ යුතුය. එමෙන්ම, අනෙකුත් සියළු වාහන ද තුන්වනදාට පෙර යළි භාර දිය යුතුය. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න