Heading
දේශීය
2024-11-03 9:20 am • Views: 125

අවලංගු කිරීම් නෑ. සංචාරකයෝ එති.

අවලංගු කිරීම් නෑ. සංචාරකයෝ එති. 

ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන් වෙනුවෙන් එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් පසුගිය සතියේ දී සංචාරක උපදේශන ලබා දී තිබුණි. 

ඉන් කර්මාන්තයට විශාල බලපෑමක් ඇතිවෙනු ඇතැයි භීතියක් රට තුළ නිර්මාණය වී තිබුනද, මේ වන විට තත්ත්වය ඉතාමත්ම සාමාන්‍ය අතට හැරී ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ. 

ඔහු පවසා ඇති ආකාරයට, සංචාරක උපදේශන පැවසූ සැනින් ආරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතය අවලංගු කිරීම් කිහිපයක් වාර්තා වූ ව ද, දිවයිනේ වෙනත් කිසිදු හෝටලයකින් කිසිදු අවලංගු කිරීමක් වාර්තා නොවන බවයි. 

මේ වන විටත් යුරෝපයේ ඇතැම් රටවලට ශීත සෘතුව ආරම්භ වී තිබේ. 

ඒ අනුව, රුසියානු සහ පෝලන්ත  සංචාරකයන් ගුවන් යානා වෙන් කර ගනිමින් ලංකාවට පැමිණෙමින් සිටින බව වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න