Heading
දේශීය
2024-11-04 10:51 am • Views: 145

“සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර ගත් ණය වලින් 87% ක්ම වැය කර තිබෙන්නේ මීට පෙර ගත් ණය පියවීමටයි..!” මහාචාර්ය අනිල් ජයන්ත

“සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර ගත් ණය වලින් 87% ක්ම වැය කර තිබෙන්නේ මීට පෙර ගත් ණය පියවීමටයි..!” මහාචාර්ය අනිල් ජයන්ත 

සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර කාලය තුළ ලබා ගත් ණය ප්‍රමාණයෙන් 87% ක තරම් ප්‍රමාණයක් වැය කර තිබෙන්නේ මීට පෙර ලබාගෙන තිබෙන ණය පියවීම සදහා බව මහාචාර්ය අනිල් ජයන්ත පවසයි. 

සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර කාලයේ දී රජය අවස්ථා තුනකදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙන අතර, එක් භාණ්ඩාගාර බැදුම්කරයක් නිකුත් කර තිබේ. ඉන් රජය ලබා ගෙන ඇති ණය මුදල රුපියල් බිලියන 461.5 කි. 

ඉහත සදහන් කල, සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර කාලයේ දී කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල වටිනාකම රුපියල් බිලියන 412.9 කි. 

ඒ අනුව, අදාල කාලසීමාව තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වෙන්දේසියෙන් රජය උපයාගෙන ඇති මුදලෙන් 89% ක් ම වැය කර තිබෙන්නේ ගත් ණය ගෙවීම සදහා යැයි මහාචාර්යවරයා පවසන කතාව සත්‍යයකි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න