Heading
දේශීය
2024-11-06 8:45 am • Views: 184

"උපරිම වසරක කාලයක් තුළ දී විදුලි ගාස්තු 30% කින් පහත හෙළනවා." මහාචාර්ය අනිල් ප්‍රනාන්දු.

"උපරිම වසරක කාලයක් තුළ දී විදුලි ගාස්තු 30% කින් පහත හෙළනවා."  මහාචාර්ය අනිල් ප්‍රනාන්දු. 

උපරිම වසරක කාලයක් තුළ දී විදුලි ගාස්තු 30% කින් පහත හෙළීමට කටයුතු කරන බව, අජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු සහ මුදල් පිළිබද ජ්‍යේෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ප්‍රනාන්දු මහතා පවසා තිබේ. 

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු ඊයේ දිනයේ දී මේ බව පවසා තිබුණි. 

එම ඉලක්කය කරා යාමේ අරමුණ ඇතිව විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය සූදානම් බව ඔහු වැඩිදුරටත් පවසයි. 

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වී ඇත්තේ, ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන නොයන බවට රජය නිල වශයෙන් ප්‍රකාශ කර නැති බවයි.

විදුලිබලය උත්පාදනය කිරීමට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගත යුතු යැයි රජය විශ්වාස කළ ද, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම පිළිබද අයිතිය රජය සතුව තබා ගත යුතු යැයි නව රජය කල්පනා කරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි. 

ක්‍රමානුකූලව පුනර්ජනනීය බළශක්ති ය වෙත මාරු වී මරජයේ ස්ථාවයර වී ඇතැයි  මහාචාර්ය අනිල් ප්‍රනාන්දු මහතා පවසයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න