කාන්චනගේ ගිවිසුමේ අවුල ජනපති හෙළි කරයි. “මිල සූත්‍රයෙන් එන මිලට වඩා අඩු මිලකට අපි ඉන්ධන අලෙවි කලොත්, ඒ අඩුකරන ගාන අනෙකුත් සමාගම්වලට රජය ගෙවිය යුතුයි..!” ඉන්ධන මිල අඩු කිරීමේ දී මතු-ව ඇති එක් ප්‍රධාන ගැටළුවක් ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා ඊයේ හෙළි කර සිටියේ ය. එම ගැටළුව නිර්මාණය වී තිබෙන්නේ රජය සහ ලංකාවේ ඉන්ධන වෙළදාමට සම්බන්ධ වී සිටින විදේශීය සමාගම් අතර අත්සන් තබා ඇති ගිවිසුමක ඇති කොන්දේසියක් හේතුවෙනි. එම කොන්දේසියට අනුව, ඉන්ධන මිල සූත්‍රයෙන් එන මිලට වඩා අඩු මිලකට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවි කළහොත්, ලංකාවේ ඉන්ධන වෙළදාමට මැදිහත් වී සිටින අනෙකුත් සමාගම් ද ඒ අඩු කරන ලද මිලටම ඉන්ධන අලෙවි කරයි. ඒ නමුත්, එම විදේශීය සමාගම්, මිල සූත්‍රයෙන් එන මිලට වඩා - ඔවුන් විසින් එසේ අඩු කරන ලද මුදල රජයෙන් අයකර ගනියි. මේ වන විට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව තවත් සමාගම් හතරක් මෙරට ඉන්ධන වෙළද පොළ තුළ මෙහෙයුම් කටයුතු සිදු කරයි. පසුගිය වතාවේ රජය ඉන්ධන මිල අඩු කළ පසු, සමාගම් කිහිපයක්, මේ වන විටත් රජයෙන් මුදල් ඉල්ලා ඇති බවද ජනාධිපතිවරයා හෙළිකරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව හෙළිකර සිටියේ ඊයේ දිනයේ සිරස නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනකට සහභාගී වෙමිනි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-23 7:30 am
|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|