පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරටත් රනිල්ගෙන් බාර් ලයිසන් එකත්..! හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ධූර කාලය අවසන් වීමට පෙර මත්පැන් බලපත්‍ර ලබා දී ඇති පුද්ගල නාම ලේඛනය ඊයේ දිනයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක බිමල් රත්නායක මහතා විසින් සභාගත කරන ලදී. එම නාම ලේඛනය, මේ වන විට මාධ්‍යයටද ලැබී ඇති අතර, එම නාම ලේඛනය තුළ හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයාද වන පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාරගේ නමද ඇතුළත්ව තිබේ. ඊයේ දිනයේ දී සභාගත කරන ලද මත්පැන් බලපත්‍ර ලබා දී ඇති පුද්ගලයන්ට තිබෙන දේශපාලන සම්බන්ධය හෙළි කරන ලෙස අද පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. විශේෂයෙන්ම, 2024 ජනවාරි මාසයෙන් පසුව මත්පැන් බලපත්‍ර ලබා දී ඇති පද්ගලයන්ට, එම මත්පැන් බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ කවුද සහ එම මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇති පුද්ගලයන්ට දේශපාලනඥයන්ගේ සම්බන්ධය කුමක්ද යන්න පිළිබදවද හෙළි කරන ලස ශානක්‍යයන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ඉල්ලා සිටියේය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-30 2:02 am
|
Heading |
---|
2024-12-30 9:26 am
|
Heading |
---|
2024-12-29 5:01 am
|
Heading |
---|
2024-12-29 9:22 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|