Heading
දේශපාලන
2024-12-06 10:16 am • Views: 863

කෝපා සභාපති ධූරය විපක්ෂයට. කෝප් සභාපති ධූරය ආණ්ඩුවට.

කෝපා සභාපති ධූරය විපක්ෂයට. කෝප් සභාපති ධූරය ආණ්ඩුවට. 

පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කමිටු දෙකක් වන කෝප් සහ කෝපා සහ කමිටුවල සභාපති ධූර පත් කිරීම සම්බන්ධයෙන් සභානායක බිමල් රත්නායක මහතා අද කරුණු පැහැදිලි කළේ ය. 

ඒ අනුව, රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දෙන බව ඔහු නිවේදනය කළේ ය. 

කෙසේ වෙතත්, කෝප් කමිටුවේ සභාපති ධූරයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු පත් කිරීමට නියමිත ය. ඊට හේතුව, කෝප් කමිටුව මගින් විමර්ශනය කිරීමට නියමිතව ඇත්තේ පසුගිය රජයේ කටයුතු පිළිබදව වන බැවින්, එහිදී පසුගිය රජයේ චෝදනා එල්ල වූ අයෙකු එම කමිටුවේ සභාපති අසුනේ අසුන් ගැන්වීම කළ නොහැකි වීමයි. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න