Heading
දේශීය
2024-12-09 9:51 am • Views: 419

"ණය ඇත. සේවය නැත." මිහින් ලංකා ණය බර රුපියල් බිලියන 6.34 ක්.

"ණය ඇත. සේවය නැත." මිහින් ලංකා ණය බර රුපියල් බිලියන 6.34 ක්. 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද මිහින් ලංකා ගුවන් සේවය මේ විට සිය මෙහෙයුම් කටයුතු නවතා දමා ඇතත්, එම ආයතනය, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකට තවමත් රුපියල් බිලියන 6.34 ක දැවැන්ත ණයක් පියවීමට ඇති බව වාර්තා වේ. 

මේ බව අනාවරණය වී ඇත්තේ, 2024 වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත් කර තිබෙන වාර්තාවකිනි. 

වසා දැමූ මිහින් ලංකා ගුවන් සේවය සතු මෙම අති දැවැන්ත රුපියල් ණය ප්‍රමාණයට අමතරව එම සමාගම විසින් ලබාගත් ඩොලර් ණයක්ද ඇති බව වාර්තා වේ. 

මිහින් ලංකා ගුවන් සේවය, 2007 වසරේ දී ආරම්භ කරන ලද අතර, 2017 වසරේ දී මෙහෙයුම් කටයුතු නවතා දමන ලදී. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න