
"රවී පත් කිරීම වගේ ම ෆයිසර් මුස්තාෆා පත් කිරීමත් හොරකමක්..!" වජිර චෝදනා කරයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකම එම පෙරමුණට සම්බන්ධ අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමකින් තොරව සිදුකර ඇතැයි, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, වජිර අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව නිවේදනය කර තිබෙන්නේ, එම පෙරමුණට හිමිව තිබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී දෙකෙන් මෙතෙක් නොපුරවා තිබුණු දෙවන මන්ත්‍රී ධූරය සදහා ෆයිසර් මුස්තාෆා මහතා පත්කර ඇති බව අනාවරණය වීමෙන් පසුව ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයකට මීට පෙර රවී කරුණානායක මහතා පත් කර තිබුණු අතර, එම පත් කිරීමද, පෙරමුණ ට සම්බන්ධ අනෙක් පක්ෂවල එකගතාවයකින් තොරව සිදුකර තිබුණි. ඒ පිළිබදව සොයා බැලීම සදහා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් කමිටුවක්ද පත් කර තිබෙන අතර එම කමිටු වාර්තාව ලැබීමටත් පෙර, දෙවන ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය පිරවීම ද පළමු මන්ත්‍රී ධූරය පිරවූ ආකාරයෙන් ම පුරවා තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|