Heading
දේශීය
2024-12-11 9:47 am • Views: 1160

ප්‍රකාශ කළ අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කළ නොහැකි වුවහොත් කතානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක්..!

ප්‍රකාශ කළ අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කළ නොහැකි වුවහොත් කතානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක්..!

කතානායක අශෝක රන්වල මහතා ප්‍රකාශයට පත් කර තිබෙන ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සත්‍ය බව ඔප්පු කළ නොහැකි වුවහොත්, ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි. 

කතානායක අශෝක රන්වල මහතා, තමන් ආචාර්ය උපාධිධාරියෙකු බව ප්‍රකාශයට පත් කර තිබුනද ඔහුට  ආචාර්ය උපාධියක් නැති බවට වන කුකුසක් සමාජය තුළ මේ වන විට ගොඩ නැගී තිබේ.  

ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ප්‍රකාශයක් සිදුකළ යුතුව තිබෙන්නේ කතානායක අශෝක රන්වල මහතා ය. තමන් නුදුරු දිනයකදී ඒ පිළිබදව ප්‍රකාශ කරන බව කතානායක වරයා පවසා තිබුනද, ඒ සදහා කොපමණ කාලයක් ගත වේ දැයි ඔහු මෙතෙක් නිවේදනය කර නැත. 

 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න