අධ්‍යාපන සුදුසුකම් පිළිබද සාකච්ඡාවට තිත තැබීමට රජය තීරණය කරයි...! ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මත-ුව තිබෙන සාකච්ඡාවට තිත තැබීමට රජය තීරණය කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි. ඒ අනුව, මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව සොයා බැලීම සදහා තේරීම් කාරක සභාවක් පත් කිරීමක් හෝ විපක්ෂයෙන් පැමිණ තිබෙන එවැනි වෙනත් යෝජනා පිළිබදව රජය සිය සැලකිල්ල නොදක්වනු ඇත. කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මතු වූ අර්බුදයත් සමග, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වී සාලී මහතාගේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් මෙන්ම බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද ප්‍රශ්න කිරීමක් සිදු විය. ඔවුන් දෙදෙනාම, ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යාපන සුදුසුකම් සහිත අයවලුන් බවට රජය සහතික කරන අතර, විපක්ෂයේ චෝදනා පදනම් විරහිත බවද පවසයි. එමෙන්ම නව කතානායකවරයෙකු විපක්ෂයෙන් පත් කරන ලෙස ඉදිරිපත් වන යෝජනාවද රජය ප්‍රතික්ෂේප කිරීමට සූදානමින් සිටියි. ඒ අනුව, අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක දූරයට අද දිනයේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කය නියොජය කරමින් තේරී පත් වූ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත්කිරීමට නියමිත ය. රජය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ සියළුම සාමාජිකයන් පාර්ලිමේන්තු සභාවාර සදහා සහභාගී විය යුතු යැයි ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව ද වාර්තා වේ. එමෙන්ම, ඔවුන්ගේ අමාත්‍යධූරයන්ගේ රාජකාරී සදහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස, ජනාධිපතිවරයා සියළු අමාත්‍යවරුන්ටද නියෝග කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|