Heading
දේශීය
2024-12-17 11:39 am • Views: 692

නාමල්ගේ නීති උපාධිය පිළිබඳ ප්‍රශ්නය යළිත් කරළියට.! "එවකට නීති විද්‍යාලයේ සිටි විදුහල්පතිගේ මරණය සැකසහිතයි." මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය ලියයි.

නාමල්ගේ නීති උපාධිය පිළිබඳ ප්‍රශ්නය යළිත් කරළියට.! "එවකට නීති විද්‍යාලයේ සිටි විදුහල්පතිගේ මරණය සැකසහිතයි." මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය ලියයි. 

හිටපු කතානායක අශෝක රන්වල මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබූ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය හේත-ුවෙන්, පාර්ලිමේන්තුවේ අනෙකුත් මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදවද කතිකාවක් සමාජය තුළ නිර්මාණය විය. 

එහිදී නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය පිළිබදවද විවිධ වූ අදහස් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වූ අතර, එම කතිකාව තවත් ආන්දෝලනාත්මක කරමින්, මෙතෙක් ඒ පිළිබදව හෙළි නොවූ ආකාරයේ ආන්දෝලනාත්මක අදහසක් ප්‍රවීණ මාධ්‍යවේදියකු වන උවිදු කුරුකුලසූරිය මහතා ඔහුගේ මුහුණු පොතේ සටහන් කර තිබේ. 

අප පහත උපුටා දක්වන්නේ එම සටහනයි. 

නමල් රාජපක්ෂ ගැන ලියමුද? මමනෙ නාමල්ගෙ විභාග හොරකම හෙලිදරව් කරපු තුෂාරව රැක බලාගෙන ස්විස්ටර්ලන්තෙට ගෙනාවෙත්. ලංකාවෙදි හංගල තිබ්බ, එයාගෙ තාත්තගෙ අවමගුලට ඇරියෙත් මගේ බොක්ක් එක්ක හංගල හිටපු තැන සිට. ටිකට් ලැහැස්ති කළා. ගොඩක් දේ බැලුව. තුෂාර ජයරත්න.
යූටියුබ් කතාවකුත් කරල තිබිබ්බ මා ගැන මම විතරයි උදව් කළේ කියල. අමතක අය කියවන්න.
මම තව දෙයක් කියන්න ඕන.
මගේ බොක්කෙ යාලුවෙක්ගෙ නෑදෑයෙක් තමා ලෝ කොලෙජ් එකේ ප්රින්සිපල්. රොද්රිගෝ.
එයා හොද මනුස්සයෙක්!
ඒත් එයාට නාමල් රාජපක්ෂට විභාග හොරකම කිරීමට ඉඩදෙන්න වීම නිසාම එයාට ඇතිවුන සිත් තැවල නිසා සිය දිවි නසා ගත්තා!
ඒක පවුලෙ අය විසින් හැංගුවා! සාමාන්ය මරණයක් ලෙස පෙන්නුවා. මට ඒ හැම දේම වචනෙන් වචනය කියල තියෙනව. මම ලිව්වෙ නැහැ. මටත් අප්සට් ඒ කතාව අහපුවම.
මරණ පරීක්ෂණයක් ඒ ගැනත් අවශ්යයයි. රොද්රිගු ගැන!
ඔන්න මම තුෂාරව යටින් ටැග් කරා!


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න