“කොච්චර කිව්වත් රාජාංගනේ හාමුදුරුවන්ව අත්අඩංගුවට ගන්නෑ..! හැමදේටම සී.අයි.ඩී යෑමයි උසාවි ගානේ යෑමයි මං දැන් නවත්තනවා..!” කස්සප හිමියෝ කියති. මින් ඉදිරියට හැමදේටම සී.අයි.ඩීයට පැමිණිලි කිරීමයි, උසාවි ගානේ යෑමයි තමන් වහන්සේ නවතා දමන බව බලංගොඩ කස්සප හිමියෝ පවසති. එවැනි තීරණයක් ගැනීමට හේතුව වී ඇත්තේ, රාජාංගනේ සද්ධාරතන හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවක් උන්වහන්සේට නොපෙනී ම යි. රාජාංගනේ සද්ධාරතන හිමියෝ භික්ෂුවකට නොගැලපෙන භාෂා භාවිතයක යෙදෙන බවට කස්සප හිමියෝ චෝදනා කරති. දෙරණ නාලිකාව පවා සාක්ෂි සහිතව ඒ බව පෙන්වා දී තිබියදීත් රාජාංගනේ හිමි අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම පිළිබදව කස්සප හිමියෝ සිය කණස්සල්ල ප්‍රකාශ කරති. ඊට අමතරව, රාජාංගනේ සද්ධාතිස්ස හිමි ශාසනයෙන් නෙරපීමට උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝද කටයුතු නොකරන බව කස්සප හිමියන්ගේ අදහසයි. රාජාංගනේ සද්ධාතිස්ස හිමියන්ගේ ගුරු හාමුදුරුවෝ මාලිමාවට සහාය දක්වන භික්ෂුවක් බවටද කස්සප හිමියෝ පැමිණිලි කරති. කෙසේ වෙතත්, මින් ඉදිරියට හැමදේටම සී.අයි.ඩී යෑම සහ උසාවි ගානේ යෑමේ අත්හැරීමට කස්සප හිමියෝ තීරණය කර තිබෙති.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-30 2:02 am
|
Heading |
---|
2024-12-30 9:26 am
|
Heading |
---|
2024-12-29 5:01 am
|
Heading |
---|
2024-12-29 9:22 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|