Heading
දේශීය
2024-12-19 10:57 am • Views: 2558

"නාමල් හරි..! ඔහු නීති විභාගය ලිව්වේ තනියම නෙවෙයි; තවත් නීතීඥයෝ දෙන්නෙක් එක්ක." ඇසින් දුටු සාක්ෂිකරු පවසයි.

"නාමල් හරි..! ඔහු නීති විභාගය ලිව්වේ තනියම නෙවෙයි; තවත් නීතීඥයෝ දෙන්නෙක් එක්ක." ඇසින් දුටු සාක්ෂිකරු පවසයි. 

නාමල් රාජපක්ෂ, නීති විභාගය හොරට ලියූ බවට චෝදනාවක් එල්ල වී තිබේ. 

ඊයේ සහ ඊට පෙර දිනයේ දී පාර්ලිමේන්තුව තුළ ද මේ පිළිබදව සාකච්ඡා විය. 

නීති විභාගය ලිවීමේ දී නාමල් රාජපක්ෂ මහතා තවත් අයගේ උදව් ලබාගෙන ඇති බවට සාක්ෂ්‍ය ඇතැයි ඇමති වසන්ත සමරසිංහ චෝදනා කළ අතර, නාමල් එම චෝදනාව එක හෙලා ප්‍රතික්ෂේප කළේ ය. ඉන් නොනැවතී, තමන් නීති විභාගය වෙනම කුටියක සිට ලියා ඇති බව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.  

නාමල් රාජපක්ෂ මහතා නීති විභාගය ලිවීමේ දී වංචාවක් කළ බවට ඇති ප්‍රධානම ඇසින් දුටු සාක්ෂකරු වන්නේ තුෂාර ජයරත්න නමැති අයෙකි. තුෂාර ජයරත්න එවකට නාමල් වංචා කළ බව කියන නීති විභාගයට පෙනී සිටි නීති ශිෂ්‍යයෙකි. 

නාමල් නීති විභාගය ලියූවේ නීති විද්‍යාලයේ පරිඝණක කාමරයේ සිට බවත්, පරිඝණක කාමරයේ නාමල් සමග තවත් නීතීඥයන් දෙදෙනෙකු සිටි බවත් තුෂාර ජයරත්න මහතා පවසයි. 

සමාජ මාධ්‍යයේ පෙනී සිටිමින්, ඔහු මේ බව පවසයි. 

එදින නීති විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන් අතරෙන්, මෙම විභාග වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කළ එකම පුද්ගලයා තමන් බව තුෂාර ජයරත්න මහතා පවසයි. 

මෙම සිද්ධියෙන් පසුව ඇති වූ තත්ත්වය මත තමන්ට රටින් පලා යාමට සිදු වූ බව තුෂාර ජයරත්න මහතා පවසයි. 

නාමල්ගේ විභාග වංචාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සදහා සාක්ෂි ලබා දීමට තමන් සූදානම් බවත්, ඒ වෙනුවෙන් ඕනෑම මොහොතක දිවයිනට පැමිණීමට සූදානම් බවත්, තුෂාර ජයරත්න මහතා පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න