සලෝචන ගමගේ ජනවාරි 17 දක්වා තවදුරටත් රිමාන්ඩ්..! ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ අනූවක අල්ලස් මුදලක් ලැබීම ගැනීම සම්බන්ධයෙන්, එම අල්ලස ලබා ගන්නා අවස්ථාවේ දී ම, අල්ලස් කොමිසමේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලද සලෝචන ගමගේ සහ අනෙක් සැකකරු, ජනවාරි 17 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. සුලෝචන ගමගේ යනු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි. එමෙන්ම ඔහු විනිසුරු තිලිණ ගමගේ මහතාගේ සහෝදරයෙකි. අල්ලස් කොමිසම සලෝචන ගමගේ සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ දෙසැම්බර් මාසයේ 28 වන දා ය. එදින සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී, ජනවාරි හය වන දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-08 6:12 am
|
Heading |
---|
2025-01-07 10:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|