“බහාලුම් පරීක්ෂා කිරීමේ වේගය 50%කින් පහත වැටිලා..” කොළඹ වරායේ බහාලුම් තදබදය කුමන්ත්‍රණයක්...? මුදල් අමාත්‍යංශයෙන් කමිටුවක් පත්කරයි. කොළඹ වරායේ පවතින බහාලුම් තදබදය කිසියම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්ද යන්න සොයා බැලීම සදහා මුදල් අමාත්‍යංශය මගින් විශේෂ කමිටුවක් පත්කර තිබේ. එමෙන්ම, නිසි පරීක්ෂාවකින් නොකර බහාලුම් 323 ක් මුදා හැරීම පිළිබදවද මෙම කමිටුව සොයා බැලීමට නියමිත ය. නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත-ු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ, ප්‍රවාහන මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්, වෙළද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්ත-ුවේ අධ්‍යක්ෂ ජනරාල්, විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂක යන අයයි. බහාලුම් තදබදය යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි යැයි, රේගුවේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙක-ු පැවසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මෑතක සිට කොළඹ වරායේ බහාලුම් පරීක්ෂා කිරීමේ වේගය පුදුමසහගත ලෙස 50% කින් පමණ අඩු වී ඇතැයි, අදාල ජ්‍යේෂ්ඨ රේගු නිළධාරියා වැඩිදුරටත් පවසා තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|