හේතු දැක්වීමට බැදී නැති බව කී නීතිපති, මින් ඉදිරියට සැකකරුවන් නිදහස් කිරීම සදහා නිර්දේශ කිරීමේ දී හේතු පැහැදිලි කිරීමට තීරණය කරයි. විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් නිදහස් කිරීම සදහා නිර්දේශ කිරීමේ දී මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුව ඒ සදහා හේතු පැහැදිලි කිරීමක් සිදු කර නැත. නීතිපතිවරයා අදාල නිර්දේශය ලබා දෙමින් නිකුත් කරනු ලබන්නේ “සැකකරු නිදහස් කළ හැකිය;” යන කෙටි සටහන පමණි. සැකකරුවකු නිදහස් කිරීමට අදාල නිර්දේශය ලබා දීමේ දී ඊට අදාල හේතු පැහැදිලි කිරීමට නීතිපතිවරයා බැදී නොසිටින බව මෙතෙක් පැවති අදහස වී තිබුණු නමුත්, මෑතක දී සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාල සැකකරුවන් නිදහස් කිරීමට ලබා දුන් නිර්දේශයත් සමග මතු වූ ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් මින් ඉදිරියට කිසියම් අපරාධයකට සම්බන්ධ සැකකරුවක-ු නිදහස් කිරීමේ දී ඊට අදාල හේතු පැහැදිලි කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව කිසියම් සැකකරුවකු නිදහස් කිරීමට අදාලව හේතු ඉල්ලා සිටින ඕනෑම පාර්ශ්වයකට නීතිපති දෙපාර්තමේන්තුව අදාල හේත-ු පැහැදිලි කිරීමට බැදී සිටිනු ඇත.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|