ලංකාව; ලෝකයේ ත්‍රස්ත තර්ජන අවම රටවල් අතරට..! ලංකාව, ලෝකයේ ත්‍රස්ත තර්ජන අවම රටක් ලෙස ගෝලීය ත්‍රස්ත දර්ශකය හදුන්වයි. 2025 වසර සදහා නිකුත් කර තිබෙන නවතම වාර්තාවක මේ බව සදහන් වේ. පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 64 ක ප්‍රගතියක් ලංකාව මේ වසරේ දී අත්පත්කරගෙන තිබේ. රටවල් 163 ක් සදහා ත්‍රස්තවාදයේ බලපෑම විශ්ලේෂණය කරමින්, ගෝලීය ත්‍රස්ත දර්ශකය ප්‍රකාශයට පත් කර තිබේ. 2025 වසර සදහා නිකුත් කර තිබෙන වාර්තාව අනුව, Burkina Faso ලෝකයේ ඉහළම ත්‍රස්ත අවදානමක් සහිත රට ය. එය බටහිර අප්‍රිකානු රටකි. ඉහළම ත්‍රස්ත අවදානමක් ඇති රටවල් අතර දෙවන ස්ථානයේ සිටින්නේ පාකිස්තානයයි. තුන්වන ස්ථානය සිරියාව වන අතර, සිව්වන ස්ථානය ලබා සිටින්නේ මාලී රාජ්‍යයයි. ලංකාවට හිමිව ඇත්තේ සියවන ස්ථානයයි. සියවන ස්ථානයට පත්ව ඇති එකම රට ලංකාව නොවේ. ලංකාව සමග තවත් රටවල් රැසක් සියවන ස්ථානයේ සිටින අතර, කියුබාව, බොලීවියාව, භූතානය, කොස්ටරිකා, ජෝර්ජියා, ජැමෙයිකා, ලාඕසය ඉන් කිහිපයකි.
Heading | Heading |
---|
Heading |
---|
2025-03-12 9:16 am
|
Heading |
---|
2025-03-11 5:40 am
|
Heading |
---|
2025-03-11 2:29 am
|
Heading |
---|
2025-03-11 12:03 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|