Heading
දේශීය
2025-03-11 10:02 am • Views: 736

ජී රාජපක්ෂ නමට විදුලි බිල එන කතරගම මන්දිරේ ප්‍රශ්නය; කිරිවෙහර විහාරාධිපතියෝ සී.අයි.ඩීයට වැඩම කරති.

ජී රාජපක්ෂ නමට විදුලි බිල එන කතරගම මන්දිරේ ප්‍රශ්නය; කිරිවෙහර විහාරාධිපතියෝ සී.අයි.ඩීයට වැඩම කරති. 

කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මානන්ද හිමි අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩම කර තිබෙන බව වාර්තා වේ. 

කතරගම මැණික් ගඟ බඬ පිහිටි අයිතිකරුවකු නොමැති මන්දිරය පිළිබදව ප්‍රකාශයක් ලබා දීම සදහා උන් වහන්සේ වැඩම කර ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම මන්දිරය පිළිබදව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රුහුණු කතරගම බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර  කැදවා තිබුණි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමෙන් පසුව, මාධ්‍යවේදීන් ඇමතූ ඩිශාන් ගුණසේකර, අදාල මන්දිරය, කිරිවෙහෙර හිටපු විහාරාධිපති සෝරත හිමියන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදි කළ එකක් බව පැවසී ය. 

මෙම මන්දිරය පිළිබදව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවද මීට පෙර කැදවා තිබුණි. 

මෙම මන්දිරය සදහා විදුලි බිල ජී. රාජපක්ෂ නමැති අයෙකුගේ නමට ලැබෙන අතර, ඒ පිළිබදව කළ විමසීමේ දී ජී. රාජපක්ෂ යන නමින් හදුන්වන්නේ කවුදැයි තමන් නොදන්නා බව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබුණි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න