Heading
දේශීය
2025-03-11 5:40 am • Views: 1441

“මැණික් ගංතෙර ඒ මන්දිරය කිරි වෙහෙරට අයිති එකක් නොවේ..!” කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ පවසති.

“මැණික් ගංතෙර ඒ මන්දිරය  කිරි වෙහෙරට අයිති එකක් නොවේ..!” කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ පවසති. 

ජී. රාජපක්ෂ නමැති පුද්ගලයෙකුගේ නමට විදුලි බිල් පැමිණෙන, කතරගම, මැණික් ගංතෙර පිහිටා තිබෙන ආන්දෝලනාත්මක මන්දිරිය සම්බන්ධයෙන් කිරි වෙහෙරට කිසිදු සම්බන්ධයක් නැති බව, එම විහාරස්ථානයේ වත්මන් භාරකාරත්වය උසුලන කොබවක ධම්මානන්ද හිමියෝ පවසති. 

එකී ආන්දෝලනාත්මක මන්දිරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද උන්වහන්සේ කැදවා තිබුණි. 

දීර්ඝ ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව පිටතට පැමිණි කොබවක ධම්මානන්ද හිමියෝ පවසා සිටියේ, මෙම මන්දිරය පිළිබදව කිසිවක් උන්වහන්සේ නොදන්නා බවයි. 

තමන්වහන්සේ කිරිවෙහෙරට පැමිණියේ 2013 වසරේ දී බව පවසන උන්වහන්සේ, ආන්දෝලනාත්මක මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සිද්ධ වී තිබුණේ 2006 වසරේ දී බව ද පවසයි. 

අදාල මන්දිරයට කිරිවෙහෙරේ කිසිදු සම්බන්ධයක් නැති බව ප්‍රකාශ කළ උන්වහන්සේ, (එම මන්දිරයේ ?) යතුරු කැරැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ද පැවසී ය. 

කෙසේ වෙතත්, ඊයේ දිනයේ දී මෙම කරුණට අදාලව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි රුහුණු කතරගම බස්නායක නිළමේ, ඩිෂාන් ගුණසේකර පවසා සිටියේ, අදාල මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කිරිවෙහෙර විහාරස්ථානයේ හිටපු නායක ස්ථවිරයන් වහන්සේ විසින් ඉදිකළ එකක් බවයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න