Heading
දේශීය
2025-03-12 10:10 am • Views: 1210

"දේශබන්දු කවුද..? මොනවද කලේ..?" අභියාචනාධිකරණයේ දී අද හෙළි වූ කරුණු කිහිපයක්..!

"දේශබන්දු කවුද..? මොනවද කලේ..?" අභියාචනාධිකරණයේ දී අද හෙළි වූ කරුණු කිහිපයක්..! 

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබුණි. 

මෙම පෙත්සම් විභාගයේ දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඇගකිලිපොලා යන ආකාරයේ අනාවරණයක් සිද්ධ කර තිබේ. 

ඔහු මෙම අනාවරණය සිද්ධ කරන්නේ ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හෙළි වී තිබෙන කරුණු මත පදනම්වයි. 

ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් යටතේ නීති විරෝධී අපරාධ කල්ලියක් ක්‍රියාත්මක වී ඇති බව දිලීප පීරිස් මහතා පවසා තිබේ. 

දේශබන්දුගේ නියෝග අනුව, ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලය වෙඩි තැබීම සදහා සහභාගී වන්නේ මෙම අපරාධ කල්ලියයි. 

මෙම පිරිස පොලිස් නිළධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වුවත්, ඔවුන් සහභාගී වන්නේ මුළුමනින්ම අනීතික මෙහෙයුමකටයි. එමෙන්ම, සමස්ත ක්‍රියාන්විතය පුරාම, ඔවුන් සිය අනන්‍යතාවය සගවා තබා ගැනීමට මාරාන්තික උත්සාහයක් දරා තිබේ. 

මෙම අනීතික මෙහෙයුමට සම්බන්ධ වන එක් පොලිස් නිළධාරියෙක-ු මිය යන්නේ ද ඔවුන් මෙසේ ඔවුන්ගේ අනත්‍යතාවය හෙළි වීම වළක්වා ගැනීමට දැරූ උත්සාහය හේතුවෙනි. 

ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ මෙහෙයුමට ඔවුන් සහභාගී වී තිබෙන්නේ සිවිල් ඇදුමෙන් සැරසීගෙනයි. එමෙන්ම, මෙම මෙහෙයුම දියත් වූ සම්පූර්ණ කාලය මුළුල්ලේම එම පිරිස ඔවුන්ගේ ජංගම දුරකථන ක්‍රියා විරහිත කොට තබා ගැනීමට ප්‍රවේශම් වී තිබේ. 

මෙම පිරිස ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමට හේතුව වී ඇත්තේ, එම හෝටලයේ හිමිකරු සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති ආරවුලකි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දේශබන්දු මාසිකව රුපියල් එක් ලක්ෂ පනස් දහසක් ලබා ගැනීමට අදාල හෙළි දරව්වක් මෙම හෝටලයේ හිමිකරු සිදු කර තිබේ. එම කාරණය සහ තවත් ඉඩම් ආරවුලක් දේශබන්දු සහ හෝටලයේ හිමිකරු අතර ගැටුමට හේතුවයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න