Heading
දේශීය
2025-03-16 5:48 am • Views: 1076

වැලිගම හෝටලයේ වෙඩි තැබීම; කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් හය දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපති කියයි.

වැලිගම හෝටලයේ වෙඩි තැබීම; කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් හය දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපති කියයි. 

වැලිගම ඩබ්. 15 හෝටලයට වෙඩි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන්, එම අනීතික අපරාධයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු එම කොට්ඨාශයට අනුයුක්තව රාජකාරී කළ නිළධාරීන් හය දෙනා අත් අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. 

නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම උපදෙස ලබා දී ඇත්තේ, අපරාධයට හවුල් බවට චෝදනා එල්ල වී තිබෙන එම නිළධාරීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කණ්ඩායම සමඟ නීතිපතිවරයා ඇති කරගෙන තිබෙන එකඟතාවයකට අනුව බව පැවසේ. 

වැලිගම හෝටලයේ වෙඩි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ අපරාධ කොට්ඨායට අනුයුක්තව රාජකාරී කළ, උප පොලිස් පරීක්ෂක මධුරංග, පොලිස් පරීක්ෂක එම්.ආර්. ධුනුසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලෙම් ද සිල්වා, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, පොලිස් කොස්තාපල් ප්‍රියනාත්, පොලිස් කොස්තාපල් (රියදුරු)  දුලිප් ගිහාන් පියතිස්ස සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. 

කෙසේ වෙතත්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී නැත. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න