"වෙඩි තබා ඝාතනය කළ දවසේ මාකදුරේ මධූෂ් එළියට අරන් ගියේ, වැලිගම හෝටලයට වෙඩි තැබීමට දේශබන්දු යොදා ගත් හයේ කල්ලියමද..?" ඩබ්. ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය හරහා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් “ලයිසන් මැර කණ්ඩායමක්” මෙහෙයවා ඇති බව තහවුරු වී තිබේ. මෙම මැර කණ්ඩායම අනුයුක්තව සිට ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයටයි. ඩබ්.ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන්, කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ඇන්ස්ලන් ද සිල්වා, උප පොලිස් පරීක්ෂක මධුරංග, පොලිස් පරීක්ෂක එම්.ආර්. ධුනුසිංහ, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, පොලිස් සැරයන් කුමාර, පොලිස් පරීක්ෂක ප්‍රියනාත් සහ පොලිස් පරීක්ෂක දුලිප් ගිහාන් පියතිස්ස යන අය සහ දේශබන්දු තෙන්නකෝන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබෙන අතර, අභියාචනාධිකරණයද එම නියෝගය යළිත් වරක් තහවුරු කර තිබේ. ඩබ්. ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ දී කොළඹ අපරාධ කොට්ඨායේ නිළධාරියෙකු වන උපුල් චමින්ද කුමාර නමැති අය මිය ගියේ ය. මීට වසර කිහිපයකට පෙර, 2020 වසරේ ඔක්තෝබර් මාසයේ 20 වන දා හෝ ඊට ආසන්න දිනයක දී මාකදුරේ මධූෂ් නමැති පාතාල කල්ලි නායකයා ඝාතනයට ලක් වන්නේ ද, ඔහු, කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ය. මධූෂ් ඝාතනය සිද්ධ වන්නේ, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් පිරිසක්, සැගවූ කුඩු තොගයක් සොයා ගැනීම සදහා මාකදුරේ මධූෂ් නමැති එම සැකකරු මාළිගාවත්තේ පිහිටි නිවාස සංකීර්ණයකට රැගෙන ගිය අවස්ථාවේ දී ය. එහිදී, අනෙක් නිළධාරීන් පිටත තබා, කොළඹ අපරාධ කොට්ඨාශයට සම්බන්ධ නිළධාරීන් “හය දෙනෙකු” මාකදුරේ මධූෂ් ද රැගෙන නිවාස සංකීර්ණයේ ඉහළ මහළකට යන අතරේ, පිරිස පළමු මහළට පැමිණෙමින් සිටිය දී, දෙවන මහලෙන් මතු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු විසින් කරන ලද වෙඩි තැබීමකින් මාකදුරේ මධූෂ් මිය ගිය ප්‍රකාශ විය. මෙම අවස්ථාවේ දී නාදුනන වෙඩික්කරුවන් දෙදෙනා ඔවුන් පැමිණි යත-ුරු පැදියද දමා පලා ගිය බව වාර්තා විය. නමුත් මදූෂ්ට වෙඩි තබා පලා ගිය එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් හැකි වී නැත. මදූෂ් ඝාතනය සැලසුම්සහගත ක්‍රියාවක් විය හැකි බවට එවකට සැක පළ විය. ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු වන තරිඳු ජයවර්ධන ප්‍රශ්න කර සිටින්නේ, මධූෂ් ඝාතනයට සම්බන්ධ වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ එම හයේ කල්ලිය සහ ඩබ්.ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමට සහභාගී වූ කණ්ඩායම බොහෝ දුරට එකම කණ්ඩායමක් වීමේ ඉඩක් ඇති බවත් ඒ බව සොයා බැලිය යුතු බවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
Heading |
---|
2025-04-12 8:22 am
|
Heading |
---|
2025-04-11 3:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|