"දේශබන්දු යනුමාකදුරේ මධූෂ්ට සහ හරක් කටාට නොදෙවෙනි අපරාධකරුවෙක්..!" අතිරේක සොලිසිටර් ජනරල් දිලීප පීරිස්.
අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් වී දින විස්සකට පසුව, අද පෙරවරුවේ දී, දේශබන්දු තෙන්නකෝන්, මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් කුමන කොන්දේසියක් යටතේ හෝ සිය සේවාදායකයාට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා ඊට සිය දැඩි විරෝධය ප්‍රකාශ කළේ ය.
දිලීප පීරිස් මහතා දේශබන්දු තෙන්නකෝන් හදුන්වනු ලැබූවේ මාකදුරේ මධූෂ් හෝ හරක් කටා හෝ වැනිම අපරාධකරුවෙක-ු ලෙසයි.
අත්අඩංග-ුවට ගන්නා ලෙස නිකුත් වූ නියෝගයට දින විස්සකට පසුව, ඔහු අධිකරණයට පැමිණ තිබුණේ බෙන් රථයකිනි. ඒ සමඟ තවත් මෝටර් රථ දෙකක් ද පැමිණ තිබෙන අතර, දිලීප පීරිස් මහතා ඒ පිළිබදව දැඩි සෝපහාසයකින් යුතුව අදහස් දක්වා තිබුණි.
අපරාධකරුවෙක-ු ටයිකෝට් සහිතව පැමිණ සිටීමත්, ඔහු, වෙනත් සැකකරුවන් මෙන් සිරමැදිරියක නොව අධිකරණ ශාලාවේ බංකුවක අසුන්ගෙන සිටීමත් පිළිබදව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඔහුගේ අප්‍රසන්නතාවය ප්‍රකාශ කර තිබේ.
“ස්වාමීනී, අද උදෑසන මට දැනගන්නට ලැබුණා විවෘත වරෙන්තු-වක් නිකුත් වූ සැකකරුවෙක් ටයි කෝට් ඇදගෙන බෙන්ස් වර්ගයේ මෝටර් රථයකින් සහ තව රථ දෙකකින් ඇවිල්ල අධිකරණයේ වාඩි වෙලා ඉන්නවා කියල. ඒ නිසයි නීතිපතිවරයා වෙනුවෙන් මම ඇවිල්ල පෙනී ඉන්නේ. හිතුවද දන්නෑ අපිට මෝසම පිළිබදව දැනුම් දීමක්වත් කරන්නේ නැතිව හොර පූසා වගේ උසාවියට ඇවිල්ලා, පාලු ගෙයි වළං බිදලා ඇප අරගෙන යන්න. මම මෙතනට එද්දීත්, මොහු ටයි කෝට් ඇදගෙන මේ ඉස්සරහා බංකුවේ වාඩි වෙලා ඉන්නවා. මම අහන්න කැමතියි ස්වාමීනී, විවෘත වරෙන්තුකරුවෙක් කූඩුවේ නොසිට මේ බංකු-වේ මෙහෙම ඉදගෙන ඉන්නේ කොහොමද..?”
අතිරේක සොලිසිටර් ජනරල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ එසේ පවසා තිබුණි.
එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන් පිළිබදව තවත් බිහිසුණු අනාවරණයක් ද දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ හෙළි කර තිබුණි. ඒ අනුව, දේශබන්දු නියම අපරාධ කල්ලි නායකයෙකි. ඔහුගේ නමින් කිසිදු දේපළක් ඔහුට නැත. නමුත් ඔහුගේ යැයි කියන නිවාස අටක් පිළිබදව තොරතුරු විමර්ශන නිළධාරීන් සොයාගෙන තිබේ.
“මොහු සුපිරි ගනයේ රංගන ශිල්පියෙක්. ඒ වගේම සංවිධානාත්මක අපරාධකල්ලි නායකයන් වන මාකදුරේ මධූෂ් සහ හරක් කටා වැනිම සංවිධානාත්මක අපරාධකරුවෙක්. ඊයේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ තිබී මත්පැන් බෝතල් 750 ක් සොයා ගත්තා. රජයේ සේවකයන්ට තුටු පඩුරු ගැනීමට අයිතියක් නැතත්, දේශබන්දුගේ නිවසේ හැම්පර්ස් එකසිය ගණනක් තිබුණා. මොහුගේ නමින් කිසිදු දේපලක් නෑ. අඩුම තරමින් පුෂ් සයිකලයක්වත් නෑ. නමුත් නිල නොවන මට්ටමින් ගෙවල් අටක් තිබෙන බව දැනට අනාවරණය වෙලා තියෙනවා..”
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පවසා තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|