Heading
දේශීය
2025-03-24 9:57 am • Views: 1268

ට්‍රැක්ටර් බව කියා, බීඑම්ඩබ් සහ බෙන්ස් රථ 158 ක් ගෙනෙති...!

ට්‍රැක්ටර් බව කියා,  බීඑම්ඩබ් සහ බෙන්ස් රථ 158 ක් ගෙනෙති...!

ව්‍යාජ ලියකියවිලි සකස් කොට, ට්‍රැක්ටර් බව කියා, බීඑම්ඩබ් සහ බෙන්ස් රථ 158 ක ප්‍රමාණයක් රට තුළට ගෙනැවිත් තිබෙන බව, විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ කෝපා කමිටුව විසින් කරන ලද විමර්ශනයකින් අනාවරණය වී තිබේ. 

මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පසුගිය දා කෝපා කමිටුව හමුවට කැදවා තිබුණි. 

එහිදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කිසිදු නිළධාරියෙකුගෙන් අදාල විමර්ශනය සදහා සහාය ලැබෙන බවක් නොපෙනුනි. 

කෝපා කමිටුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ,  ට්‍රැක්ටර් ලෙස හගවමින් රට තුළට ගෙන්වා තිබෙන බීඑම්ඩබ් සහ බෙන්ස් රථ ලියාපදිංචි කිරීමට අදාල  විස්තර තමන්ට ලබා දෙන ලෙසයි. නමුත් මේ දක්වා ඒ කිසිදු විස්තරයක් කෝපා කමිටුවට ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කටයුතු කර නැත. 

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් දැනට කෝපා කමිටුවට ලබා දී තිබෙන පිළිතුර වන්නේ, එකී ලිපිගොනු අස්ථානගත වී ඇති බවයි. 

“ලිපි ගොනු අතුරුදන්”යන්න, ඕනෑම වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කරන විට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ලබා දෙන පිළිතුරයි. 

මෙම වංචාව තමන්  ධූරයට පත් වීමට පෙර සිදු ව තිබෙන්නක් බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වත්මන් කොමසාරිස් ජනරල් නිශාන්ත වීරසිංහ පවසයි. 

වත්මන් කොමසාරිස් ජනරාල් පත් වීමට පෙර සිටි කොමසාරිස් ජනරාල් වරයා මෙම වංචාව සම්බන්ධයෙන් යම් කිසි නීතිමය පියවරක් ගැනීමට කටයුතු කර තිබුණු අතර, ඔහුට වැඩි කල් ධූරය දැරීමට නොහැකි වී තිබේ. ඔහු ඉවත් කර තිබෙන අතර, ඉවත් කිරීමට පෙර අදාල වංචාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් එම නිළධාරියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධ කර තිබේ. නමුත් වත්මන් කොමසාරිස් ජනරාල්වරයා, ඔහුට පෙර සිටි එම කොමසාරිස් ජනරාල් වරයාගේ පැමිණිල්ලට අදාලව කිසිදු පියවරක් ගෙන නැත. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න