Heading
දේශීය
2025-03-27 9:01 am • Views: 579

තේ අපනයනය; ඉන්දියාව ලංකාව පසුකරයි.

තේ අපනයනය; ඉන්දියාව ලංකාව පසුකරයි. 

දශක එක හමාරක පමණ කාලයක සිට ලෝකයේ ප්‍රධානතම තේ අපනයනකරුවන්ගෙන් ශ්‍රී ලංකාව සිටියේ දෙවන ස්ථානයේ ය. 

තේ අපනයනයේ දි ලෝකයේ පළමු ස්ථානය කෙන්යාවට හිමිව තිබුණු අතර, ශ්‍රී ලංකාවට දෙවන ස්ථානයත්, ඉන්දියාවට තෙවන ස්ථානයත් ලැබි තිබුණි.

කෙසේ වෙතත්, 2024 වසරේ සංඛ්‍යා දත්ත අනුව, තේ අපනයනයේ දි ලංකාවට හිමිව තිබුණු දෙවන ස්ථානය ඉන්දියාවට ලැබි ඇති අතර, ලංකාව තෙවන ස්ථානයට පත්ව තිබේ. 

ඒ අනුව, කෙන්යාව තේ කිලෝ ග්‍රෑම් මිලියන 500 ක් පමණ නිෂ්පාදනය කරන අතර, ඉන්දියාව තේ කිලෝග්‍රෑම් මිලියන 255 ඉක්මවා නිෂ්පාදනය කර තිබේ. 

2023 වසරේ දී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකම නිෂ්පාදනය කර තිබුණේ එකිනෙකට සමාන තේ ප්‍රමාණයකි. එය, තේ කකිලෝ ග්‍රෑම් මිලියන 231 කි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න