“දේශබන්දු පොලිස්පති කාලේ මිනිස්සු නිදහසේ හුස්ම ගත්තා..!" සමන් රත්නප්‍රිය කියයි. දේශබන්දු තෙන්නකෝන් ධෛර්යවන්ත දක්ෂ නිළධාරියෙක-ු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙක-ු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකුද වන සමන් රත්නප්‍රිය පවසයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරය සදහා පත් කරන විටත්, ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබී තිබුණි. ඒ, අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු වද බන්ධනයට ලක් කිරීම සම්බන්ධයෙනි. අදාල මූලික අයිතිවාසිකම් නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස පොලිස් කොමිසමට නියෝග කර තිබුණි. මාධ්‍යවේදියෙකු සමන් රත්නප්‍රියගෙන් මේ පිළිබදව ප්‍රශ්න කළ විට ඔහු පවසා සිටියේ, එය එතරම් බරපතල කාරණයක් නොවන දෙයයි. දේශබන්දු තෙන්නකෝන දක්ෂ නිළධාරියෙකු බව පව පවසන සමන් රත්නප්‍රිය, ඔහු පොලිස්පති ධූරයේ කටයුතු කරමින් සිටි සමයේ ජනතාවට හුස්ම ගැනීමට ඉඩ ලැබී තිබුණු බවත් දැන් එවැනි තත්ත්වයක් රට තුළ නැති බවත් පවසයි. එමෙන්ම, ඩබ්.ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබිමට දේශබන්දු නියෝග කළ බව මෙතෙක් ඔප්පු වී නැති බව පවසන බව සමන් රත්නප්‍රිය, දේශබන්දු සැගවී සිටියේ, ඔහු නිවැරදිකරුවකු බැවින් අත්අඩංගුවට පත් වීමට ඇති අකමැත්ත නිසා විය හැකි යයිද අනුමාන කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|