Heading
දේශීය
2025-04-06 8:55 am • Views: 609

රට විරුවන්ට වාහන බලපත්‍ර ලබා දීම; රට නොගිය අයටත් බලපත්‍ර දීලා. වාහන 640 ක්ම ගෙන්වා ඇත්තේ ආනයනකරුවෝ 2 ක්.

රට විරුවන්ට වාහන බලපත්‍ර ලබා දීම; රට නොගිය අයටත් බලපත්‍ර දීලා. වාහන 640 ක්ම ගෙන්වා ඇත්තේ ආනයනකරුවෝ 2 ක්.  

රනිල් වික්‍රමසිංහ රජය සමයේ ක්‍රියාත්මක වූ, රට විරුවන්ට වාහන බලපත්‍ර ලබා දීමේ වැඩ පිළිවෙළ හරහා, රජයට රුපියල් බිලියන දෙකක පමණ අලාභයක් සිදුව ඇති බව රජයේ ගිනුම් පිළිබද කාරක සභාවේ දී අනාවරණය වී තිබේ.

මෙම වැඩ පිලිවෙළ, තෝරා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකුට වරප්‍රසාද ලබා දීම සදහා ක්‍රියාත්මක කර තිබෙන බව රජයේ ගිනුම් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පවසයි. 

වාහන ආනයනය කිරීම තහනම් කර තිබූ සමයක ක්‍රියාත්මක වූ මෙම වැඩ පිළිවෙළ යටතේ මෙරටට ගෙන්වා තිබෙන වාහන අතරෙන් වාහන හයසියයකට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ ආනයනකරුවන් දෙදෙනෙකු විසිනි.

ඊටත් වඩා අරුමය නම්, විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩ සටහනට මුවා වී, විදෙස්ගත නොවූ පුද්ගලයන් සිව් දෙනෙක-ුට වාහන ගෙන්වීමේ බලපත්‍ර ලබා දී ඇති බව හෙළි වීමයි. 

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් ඔවුන් මෙරටට ප්‍රේෂණය කරනු ලබන මුදල් මත පදනම්ව, විදුලියෙන් ක්‍රියාත්මක කරන මෝටර් රථ ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබා දීමේ වැඩ පිළිවෙළ, 2022 මැයි 01 සිට 2023 සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ ක්‍රියාත්මක විය. 

මෙම කාලය ත-ුළ වාහන බලපත්‍ර 1077 ක් නිකුත් කර තිබෙන අතර, පසුව බලපත්‍ර 77 ක් අවලංගු කර තිබේ. 

මින් බලපත්‍ර 644 ක් යටතේ වාහන ආනයනය කිරීමේ අවසරය ආනයනකරුවන් දෙදෙනෙකුට ලබා දී තිබේ. 

බලපත්‍ර නිකුත් කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් නිර්මාණය කර ඇති බව මින් පෙනී යන්නේ යැයි, විගණකාධිපතිවරයා චෝදනා කරයි. 

ඉන් නොනැවත-ුණු විගණකාධිපතිවරයා තව දුරටත් චෝදනා කරන්නේ සුඛෝපභෝගී බදු නිදහස් කිරීම, රුපියල් මිලිය 6 සිට රුපියල් මිලියන 12 දක්වා ඉහළ දැමීම හේතුවෙන් රුපියල් බිලියන 2.42 ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බවයි. 

මෙම බලපත්‍ර නික-ුත් කිරීමට අදාල කාල සීමාව තුළ විදේශගත නොවූ පුද්ගලයන් සිව් දෙනෙක-ුට ද බලපත්‍ර ලබා දී ඇති බව රජයේ ගිනුම් පිළිබද කාරක සභාවේ දී අනාවරණය විය. 

රට විරුවන්ට විදුලි මෝටර් රථ ආනයනය කිරීම සදහා අවසර ලබා දීමට නිකුත් කර තිබුණු චක්‍රලේඛය තුළ, ඒ සදහා සුදුසුකම් ලැබීම සදහා අවශ්‍ය අවම විදේශ රැකියා කාල සීමාවක් නිශ්විතව දක්වා නොතිබුණු බැවින් දින තුනේ සිට මාස තුනක් දක්වා විදෙස්ගතව සිටි පුද්ගලයන්ට මෙන්ම වරින් වර සංචාරය කර තිබෙන පුද්ගලයන්ට ද බලපත්‍ර ලබා දී තිබේ. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න