පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදු වූ සත්සර නිමේශ්ගේ මරණය; වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ධූරයෙන් ඉවත් කිරීමට පියවර..! පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය සත්සර නිමේශ් නමැති තරුණයාගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බැවින්, එම මරණය සිද්ධ වන අවස්ථාව වන විට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ නිළධාරියා එම ධූරයෙන් ඉවත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ. සත්සර නිමේශ් පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ අප්‍රේල් පළමු වැනි දා ය. එදිනම ඔහු මුල්ලේරියාව මානසික රෝහලට ඇතු-ළත් කර තිබුණු අතර, මිය ගිය තරුණයාගේ මව පවසන්නේ, රෝහලට ඇතුළත් කරන විටත් සිය පුත්‍රයා මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරයෙකු තමන් හා පැවසූ බවයි. තරුණයා පොලිස් විමර්ශනවලට සහාය නොදී කළහකාරී ලෙස හැසිරුණු බවත් එබැවින් ඔහු මුල්ලේරියාව මානසික රෝහලට රැගෙන ආ බවත් පොලිසිය කියයි. වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති එම ධූරයෙන් ඉවත් කර, තවත් නිළධාරීන් දෙදෙනෙකු වැඩ තහනමට ලක් කිරීමට ද වැඩබලන පොලිස්පතිවරයා නිර්දේශ කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|