අළුත් චෝදනාවකට , සිරගතව සිටින චාමර සම්පත් නැවතත් සිරගත කරයි..!
රාජ්‍ය බැංකුවක තැන්පත් කර තිබුණු, ඌව පළාත් සභාවට අයත් රුපියල් මිලියනයක මුදලක් අවභාවිතා කිරීම යන චෝදනා යටතේ, චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබුණු නඩුවකට අදාලව, අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඔහු අප්‍රේල් මාසයේ 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
මෙසේ අද දින, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙන්නේ, රාජ්‍ය බැංකුවක තැන්පත් කර තිබුණු රුපියල් මිලියන විසි තුනක මුදලක් එම බැංකුවෙන් ඉවත් කර ගැනීම හරහා රජයට දැවැන්ත පාඩුවක් සිදු කරන ඇති බවට චෝදනා කරමින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් මීට පෙර, අප්‍රේල් මාසයේ අට වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සැකකරුමයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් චාමර සම්පත් අත්අඩංගුවට ගනු ලැබුවේ මාර්තු මාසයේ 27 වන දා ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|