"ජනාධිපති අරමුදලෙන් දයාසිරිලාට මුදල් දුන්නේ කොහොමද..?" සී.අයි.ඩීය මෛත්‍රීගෙන් අහයි.
ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබදව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව වාර්තා වේ.
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන් විසි දෙදනෙකුට අදාලව විමර්ශන ඇරඹූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා නිවේදනය කළේ ය.
මෙම ලයිස්තුව තුළ හිටපු මැති ඇමතිවරු මෙන්ම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුද සිටිති.
ඉන් එක් අයෙකු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යි.
තමන් හදිසි හෘදයාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ බවත්, එම අවස්ථාවේ දී ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි හිටපු ජනාධිපතිවරයා රෝහල් බිල ජනාධිපති අරමුදලේ මුදලින් ගෙවීමට කටයුතු කළ බවත් දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුව හමුවේ වාර්තා කර සිටියේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-23 10:26 am
|
Heading |
---|
2025-04-23 7:30 am
|
Heading |
---|
2025-04-18 9:59 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|